English

ශ්‍රී සුනන්දාරාම මහා විහාරස්ථානය

චිරං ජීවතු!
මීවනපලාන-ගුරුගොඩ ශ්‍රී සුනන්දාරාම මහා විහාරාධිපති, හොරණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූජ්‍යපාද බස්නාහිර පලාතේ ප්‍රධාන සංඝනායක, මංගල ධර්ම කීර්ති ශ්‍රී වාචීස්සර මීවනපලානේ සුමේධාභිධාන නාහිමිපාණන් වහන්සේ
  • ජන්ම ලාභය ලබා වසර 60කුත්,
  • පැවිදි දිවියට පත්ව වසර 50කුත්,
  • උපසම්පදා අධිශීලයෙහි පිහිටා වසර 40කුත්,
  • බස්නාහිර පලාතේ ප්‍රධාන සංඝනායක පදවිය ලබා වසර 10කුත්,
සම්පූර්ණ වීම මෙම අගෝස්තු මාසයට යෙදී ඇති බැවින්, උන්වහන්සේට චිර ජීවනයත් නීරෝගී සුවයත් ප්‍රාර්ථනා කර ආශිර්වාද කිරීමේ විශේෂ පින්කම් මාලාවක් ශිෂ්‍ය පිරිස හා විහාරස්ථ දායක සභාව සංවිධානය කර ඇත.
  • 2013 අගෝස්තු 08 දින සවස 6.30ට අටවිසි බෝධිපූජා පිංකම
  • 2013 අගෝස්තු 09 දින සවස 6.30ට අටවිසි බෝධිපූජා පිංකම
  • 2013 අගෝස්තු 10 දින සවස 6.30ට අටවිසි බෝධිපූජා පිංකම
  • 2013 අගෝස්තු 10 දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා පිංකම
  • 2013 අගෝස්තු 11 දින දහවල් 200 නමකට අධික මහ සඟරුවන විෂයෙහි සඟගත දක්ෂිණා පිංකම
  • 2013 අගෝස්තු 11 දින රාත්‍රී 7.30ට දේව පූජා පිංකමක්ද පැවැත්වේ.
උන්වහන්සේට චිරජීවනය හා නීරෝගී සුව ලැබේවා!
ශිෂ්‍ය පිරිස හා විහාරස්ථ දායක සභාව.

වාර්ෂික දානමය පිංකම

අපවත් වී වදාළ නායක මාහිමිපාණන්ට පින් පැමිණිවීම පිණිස සෑම වර්ෂයකම පෙබරවාරි මාසයේ විහාරස්ථාන දායක සභාව මගින් සංවිධානය කරනු ලබන විශාල දානමය පිංකමකි.