English

ශ්‍රී සුනන්දාරාම මහා විහාරස්ථානය

May he attain the supreme bliss of Nibbana!

ශ්‍රී සුනන්දාරාම මහා විහාරය ශ්‍රී ලංකාවේ, රයිගම් කෝරළයේ පිහිටි ඉතා සම්භාවනීය විහාරස්ථානයක් වන අතර එහි ආරම්භය ලෙස සනිටුහන් වන්නේ 1867 වසරය. මෙහි වැඩ විසූ මහා සංඝයා වහන්සේ වටිනා සඟ පරපුරක් බිහි කරමින් දායක පින්වතුන්ගේ ශ්‍රද්ධාව වැඩි දියුණු කරමින් විහාරස්ථානය පවත්වාගෙන ගියහ. උන්වහන්සේලා අතර අපවත් වී වදාල රයිගම් - සල්පිටි - හේවාගම් කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය සද්ධර්ම කීර්ති ශ්‍රී සුමනතිස්ස වාචීස්සරභිධාන නාහිමිපාණන් වහන්සේ සහ වත්මන් විහාරාධිපති බස්නාහිර පලාතේ ප්‍රධාන සංඝනායක මංගල ධර්ම කීර්ති ශ්‍රී වාචීස්සර පූජ්‍යපාද මීවනපලානේ සුමේධ හිමිපාණන් වැනි ප්‍රදේශයටත් රටටත් ශාසනයටත් ආලෝකයක් වූ හිමිවරු වැඩ සිටිති.

Ven. Sri Sumanathissa Vachissara Nayaka Thero


  • මීවනපලාන-ගුරුගොඩ ශ්‍රී සුනන්දාරාම මහා විහාරස්ථානය
  • වේරගල පුරාණ ගල්ලෙන් විහාරය
  • මාහිංගල මෙනේරිගම ශ්‍රී සාංඝිකාරාමය
  • පෝරුවදණ්ඩ ශ්‍රී ශෛලතලාරාමය
  • රත්නපුර - මාරපන ශ්‍රී නාගාරාමය
  • ඉළිඹ ශ්‍රී සාංඝිකාරාමය
යන විහාරස්ථානයන්හි විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ පූජ්‍යපාද රයිගම් - සල්පිටි - හේවාගම් කෝරළත්රවයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය සද්ධර්ම කීර්ති ශ්‍රී සුමනතිස්ස වාචීස්සරභිධාන නාහිමිපාණන් වහන්සේ
Ven. Sri Sumedha Nayaka Thero


  • මීවනපලාන-ගුරුගොඩ ශ්‍රී සුනන්දාරාම මහා විහාරස්ථානය
  • රක්වාන රජවත්ත ශ්‍රී බෝධි මූලාරාමය
  • ගුරුගොඩ පර්ත් පැරඩයිස් මල්බෙරිගම වාචිස්සර ධර්මායතනය
  • පෝරුවදණ්ඩ ශ්‍රී ශෛලතලාරාමය
  • කුඹුක පුරාණ ශ්‍රී මහා විහාරය
  • කහවල ශ්‍රී විජය විශුද්ධාරාමය
යන විහාරස්ථානයන්හි විහාරාධිපති, හොරණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූජ්‍යපාද බස්නාහිර පලාතේ ප්‍රධාන සංඝනායක මංගල ධර්ම කීර්ති ශ්‍රී වාචීස්සර මීවනපලානේ සුමේධ නාහිමිපාණන් වහන්සේ